Home උණුසුම් පුවත් උසස් පෙළ උත්තර පත්‍ර බැලිල්ලේ කඹ ඇදිල්ල තවමත්

උසස් පෙළ උත්තර පත්‍ර බැලිල්ලේ කඹ ඇදිල්ල තවමත්

උසස් පෙළ උත්තර පත්‍ර බැලිල්ලේ කඹ ඇදිල්ල තවමත්

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සැහීමකට පත්නොවන බවය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කර සාධනීය විසඳුම් ලබා දී ඇති බවයි.

පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇගයීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙිදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here