මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ආවරණ වන පරිදි වෙළදසැල් පරීක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් එස්. අයි බෝපිටියගේ පැවසුවේ එහිදී ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් වෙළද ප්‍රජාව සහ පාරිභෝගිකයන්ද දැනුවත් කරන බවයි.
එමෙන්ම වංචනික ක්‍රියා සිදුකරන වෙළදසැල් සහ ආපනශාලාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි ස්ථාන පිළිබද සිය නිලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.