Home උණුසුම් පුවත් පාඨලීගෙන් අලුත් පක්ෂයක්

පාඨලීගෙන් අලුත් පක්ෂයක්

පාඨලීගෙන් අලුත් පක්ෂයක්

නව දේශපාලන පක්ෂයක් ලබන මාසයේදී පිහිටුවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ එක්සත් ජනරජ පෙරමුණ නමිනි.

මෙය කුසලතාවය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් බවද ඔහු කියා සිටී.

රට බංකොලොත් බවින් මුදාගෙන පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තැබීම මෙහි අරමුණ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

“පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කිරීම” නව දේශපාලන පක්ෂය පිහිටුවීම තුලින් බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය.

ඒ අනුව යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට. නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් අවශ්‍යතාවය නව දේශපාලන පක්ෂය තුලින් සපිරෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here