තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංගමට රියැදුරු-කොන්දොස්තරවරු දහසක් බඳවාගැනීම කඩිනමින්

    ලංගමට රියැදුරු-කොන්දොස්තරවරු දහසක් බඳවාගැනීම කඩිනමින්

    කොන්දොස්තරවරුන් 275 දෙනෙකු හා රියැදුරන් 800 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.

    ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035කි.

    ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේ ද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.

    නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img