තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා වැව් පන්සියයක් ප්‍රතිසංස්කරණය අරඹයි

    රටපුරා වැව් පන්සියයක් ප්‍රතිසංස්කරණය අරඹයි

    මෙරට දිස්ත්‍රික්ක 11ක පිහිටි අතහැර දැමූ වැව් 497 ක් ප්‍රතිසංස්කරණය ආරම්භකර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    ඒ, ඩොලර් මිලියන 44 ක ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන යටතේයී.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 72ක හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 29ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය යටතේ එම වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙනු ලබයි.

    දේශගුණික බලපෑම් නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය නොමැතිව පීඩා විඳින ගම්මානවල ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නගා සිටුවීමට අවශ්‍ය ජලය සැපයීම, වැඩසටහනේ අරමුණයි.

    එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගෙන ඇති අතහැර දැමූ වැව් සංඛ්‍යාව 870 ක්.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ද, තවත් වැව් 30 ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත වේ.

    ඒ සඳහා රජය මේ වනවිට ලබාදී ඇති මුදල, රුපියල් මිලියන 300 ක්.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img