මුල් පිටුව උණුසුම් පුවත් ගලිවලට වැටුණු 02ක් මරුට

ගලිවලට වැටුණු 02ක් මරුට

0

කොළඹ හෙට්ටියාවත්ත හංදියේ පිහිටි ගලි වලක නල පද්ධකතියක් අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙක් ගලිවලට ඇද වැටීමෙන් දෙදෙනක් මියගොස් ඇත.

අද දහවල් සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ සේවකයින් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 10 සහ කොළඹ 14 පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවූවන්ය.

මුලින්ම එක් අයෙක් ගලිවලට වැටී ඇති බවත් ඔහුව බේරා ගැනීමට ගොස් සෙසු දෙදෙනාද ගලි වලට වැටී ඇති බවත් මේ ගැන විමර්ශන පැවැත්වීමේදී පෙනී ගොස් ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version