මුල් පිටුව උණුසුම් පුවත් නොරෙච්චෝලේ හදන්න දින 12ක් යාවි – CEB

නොරෙච්චෝලේ හදන්න දින 12ක් යාවි – CEB

0

මේ වනවිට බිඳවැටී ඇති නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරායාමෙන් මෙම යන්ත්‍රය බිඳ වැටී ඇති බවයි.

මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බව සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version