මුල් පිටුව special පුටින්ට ජාත්‍යන්තර අධිකරණයෙන් වරෙන්තු

පුටින්ට ජාත්‍යන්තර අධිකරණයෙන් වරෙන්තු

0

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසන්නේ ඔවුන් යුක්රේනයේ සිට රුසියාවට නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීමේ යුද අපරාධය සම්බන්ධයෙන් සැක කරන බවයි.

එවැනි පිටුවහල් කිරීම් සඳහා ජනාධිපති පුටින් තනි පුද්ගල සාපරාධී වගකීමක් දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති බව ප්‍රකාශයේ සඳහන් වන අතර, එය පසුගිය පෙබරවාරියේ ඔහු යුක්රේනය පූර්ණ පරිමාණ ආක්‍රමණය දියත් කළ දා සිට සිදු වූ බවට චෝදනා කරයි.

එහිදී රුසියානු ජනාධිපතිවරයාගේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් Maria Lvova-Belova සම්බන්ධයෙන්ද මීට සමාන නිවේදනයක් නිකුත්කර තිබේ..

මෙම වරෙන්තුව සම්බන්ධයෙන් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ අදාල නියෝගය තමන් පිලි නොගන්නා බවත් එහි සඳහන් ආකාරයෙන් වගකීමක් තමන් නොදරන බවත්ය.

පුටින්ට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට ප්‍රතිචාර දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් පවසන්නේ එහි “කිසිම වැදගත්කමක් නොමැති” බවයි.

“ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ක්‍රියාවන් අපේ රටට අනුව නම් කිසිඳු තේරුමක් නැති දෙයක්” යනුවෙන් ප්‍රකාශිකා මාරියා සකාරෝවා සිය ටෙලිග්‍රාම් නාලිකාවේ පැවසීය.

“රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවෙකු නොවන අතර ඒ යටතේ කිසිදු වගකීමක් දරන්නේ නැත. රුසියාව මෙම ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන අතර ජාත්‍යන්තර අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි කාරණා අපට නීත්‍යානුකූලව බල රහිත වනු ඇත. .” යනුවේස ඇය වැඩිදුරත් ප්‍රකාශ කර සිටියාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version