මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතමයන් දෙදෙනාට සම්මාන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතමයන් දෙදෙනාට සම්මාන

0

තම වෘත්තියට අභිබවා යමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාවට සම්මාන පිරිනැමීම පසුගිය දා (15) කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්විවි උත්සව ශාලාවේදි පැවැත්විය.

විශිෂ්ටතම ගුවන් භටයින් ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සමිමාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා‍ගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව 2022 වසරේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ටතම ගුවන් භටයා ලෙස චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක. 01 විවේක හා විනෝදස්වාද පක්ෂාංගයට අනුයුක්තව සේවය කරනු ලබන බළලත් නිලධාරි ආර්.ජී.එස් ප්‍රියංකර පිදුම් ලැබීය.

විශිෂ්ටතම ගුවන් කාන්තාව ලෙස කටුනායක ගුවන් හමුදා මුලික කදවුරේ නිලධාරී නිවස්නයේ භෝජනාගාර සහයිකාවක ලෙස සේවය කරනු ලබන කෝප්‍රල් ලක්ෂිකා ඒ.පී විසින් පිදුම් ලබන ලදි.

2022 වර්ෂය තුළ ගුවන් හමුදාවේ එක් එක් වෘත්තින්ට අදාල විශිෂ්ඨතම ගුවන් භටයා තේරිම පිළිගත් ක්‍රමෙවිදයකට අනුව සිදුකෙරේ.

එම වෘත්තියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අධික්ෂණයන් යටතේ එය සිදුකරයි.

ඉන් අනතුරුව ගුවන් හමුදාධිපතිවරයා විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවේ නිර්දේශයන්ට අනුව වැඩිම ලකුණු ලබාගන්නා ගුවන් භටයා හා ගුවන් කාන්තාව වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ලෙස සමිමාන ලබයි.

නව සොයාගැනිමි හා නව නිපයුමි සිදුකරනු ලබන කාණ්ඩායමි සදහාද මෙහිදි සමිමාන පිරිනමන ලදි.

කණ්ඩායමි අංශයෙන් විශිෂ්ඨතම තත්වපාලන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු කණ්ඩායම ද විශිෂ්ඨතම පරිසර කළමණාකරණ ව්‍යාපෘති කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කණ්ඩායමද විශිෂ්ඨතම පර්යේෂණ කණ්ඩාම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ කණ්ඩායම මෙහිදි සමිමාන දිනාගන්නා ලද අතර විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සදහා මුදල් ත්‍යාගද මෙහිදි පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා සමිමාන ලැබු ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි විය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version