මුල් පිටුව උණුසුම් පුවත් මව සමඟ ආරවුලකට පුතාව පැහැරගෙන ගිහින්

මව සමඟ ආරවුලකට පුතාව පැහැරගෙන ගිහින්

0
file photo

කාන්තාවක් සමඟ කල රෙදි ගණුදෙනුවකට අදාල මුදල් ලැබීම් සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල්කරගෙන එම කාන්තාවගේ 16 හැවිරිදි පුතාව පැහැරගත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ මහනුවර හත්නාන ගැමුණු මාවතේ පදිංචි දරුවෙකි.

එම දරුවාගේ මව පොලීසියට කර ඇති පැමිණීල්ලට අනුව මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ ඊයේ (15) දහවල් කාලයේදීය.

පොල්ගහවෙල පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 12ක් වටිනා රෙදි තොගයක් සම්බන්ධයෙන් ලබාදුන් චෙක්පත් අගුරුවීමක් මෙම ආරවුලට මුල්වී ඇත.

පැහැරගත් දරුවාව පසුව ඔහු විසින් මාවනැල්ලේදී අතහැර ගොස් තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version