Home උණුසුම් පුවත් තැපැල් ඡන්දය මේ මාසයේ

තැපැල් ඡන්දය මේ මාසයේ

තැපැල් ඡන්දය මේ මාසයේ
File photo

මෙම මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වැනි දා සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මේ වනවිට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here