මුල් පිටුව උණුසුම් පුවත් සංගීතයක් බලන්න ගිහින් කොස්තාපල්වරියට පහරදුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

සංගීතයක් බලන්න ගිහින් කොස්තාපල්වරියට පහරදුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

0

සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් එම සංගීත සංදර්ශන භූමියේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියකට පහරදුන් මහබාගේ පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මහාබාගේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල් ඩී.එන්.ඩී. අතුකෝරාල යන නිලධාරියාගේ වැඩ මෙසේ තහනම් වී ඇත. මෙම නිලධාරියා පසුගිය 25 වෙනිදා රාත්‍රී රාත්‍රී සේවයේ යෙදී සිටියදී කිසිදු උසස් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව සිවිල් ඇදුමින් සැරසී කඩවත පැවති සංගීත සංදර්ශනයක් නැරඹිමට ගොස් තිබේ.

මෙම සංගීත සංදර්ශන භූමියට විශේෂ රාජකාරි සඳහා බියගම පොලීසියෙන් කැදවා සිටි කාන්තා පොලිස් නිලධාරිනියක් සමඟ මෙම නිලධාරියා ආරවුලක් ඇතිකරගෙන ඇයට හිස් වැසුමකින් සහ අතින් පයින් පහරදී ඇති බව ද එම නිලධාරියා කීය. පසුව එම නිලධාරිනිය අත තිබුණු ජංගම දුරකතනයද මෙම නිලධාරියා විසින් පැහැරගෙන ගොස් ඇති බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරිය විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version