මුල් පිටුව උණුසුම් පුවත් මේ මාසයේ ආහාර උද්ධමනය පහළ යද්දී ආහාර-නොවන මිලගණන් ඉහළ ගිහින්

මේ මාසයේ ආහාර උද්ධමනය පහළ යද්දී ආහාර-නොවන මිලගණන් ඉහළ ගිහින්

0

අදින් අවසන් වන පෙබරවාරි මාසය තුළ මෙරට ආහාරවල උද්ධමනය පසුගිය මාසයට වඩා පහළ යද්දී ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය ඉහළ ගොස් තිබේ.

පෙබරවාරි මාසයේ ආහාර උද්ධමනය වාර්තා වී ඇත්තේ 54.4%ක් ලෙසයි. එය පසුගිය මාසයේ පැවතියේ 60.0%ක් ලෙස ය.

ආහාර නොවන භාණ්වල මිල පෙබරවාරි මාසයේදී 48.8%ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ජනවාරි මාසයේ පැවති 47.9%ක උද්ධමන අගය අභිබවා යමිනි.

නිවාස, ජලය, විදුලිය, ගෑස් උද්ධමන අගය පෙබරවාරියේ 24.3%ක් ලෙස ඉහළ ගොස් ඇති අතර එය ජනවාරියේදී 20.7%ක අගයක පැවතිණ.

මේ මාසයේදී ප්‍රවාහන උද්ධමන අගය 92.7%ක් ලෙස පහත බැස ඇත්තේ ජනවාරියේ දී පැවති 94.5%ක අගයයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version