මුල් පිටුව special ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි තැන චීනයට

ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි තැන චීනයට

0

 
2022 වසරේ චීනය ගෝලීය නවෝත්පාදන දර්ශකයේ 11 වැනි ස්ථානයට පැමිණි බව චීන විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය පවසයි.

චීන විද්‍යා හා තාක්ෂණික අමාත්‍ය වං චීගං මහතා, චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනය සමස්ත ජාතික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයෙහි ලා සැලකෙන බව වං චීගං මහතා පැවසීය.

එසේම පසුගිය දශකයේ  චීනය ගෝලීය නවෝත්පාදන දර්ශකයේ කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. 2012 වසරේ 34 වැනි ස්ථානයේ පසු වූ චීනය 2022 වසරේ 11වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම විශේෂත්වයකි. එසේම චීනය නවෝත්පාදන රටවල් ලැයිස්තුවට සාර්ථකව ඇතුළත් වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

චීන විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය, ඉදිරියේ දී දේශීය වශයෙන් උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණික දියුණුව තවදුරටත් ශක්තිමත් කරමින්, ජාතික සංවර්ධනය ප්‍රබල ලෙස සහතික කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version