Home උණුසුම් පුවත් පේරාදෙණිය සරසවිය ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල දහස අතරට

පේරාදෙණිය සරසවිය ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල දහස අතරට

පේරාදෙණිය සරසවිය ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල දහස අතරට

එක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තා ආයතනය මගින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල 1000 අතරට පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රේණිගත වී තිබේ.

එම සමීක්ෂණයට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිව ඇත්තේ 901 වැනි ස්ථානයයි.

එක්සත් ජනපද ප්‍රවෘත්ති සහ ලෝක වාර්තා ආයතනය විශිෂ්ටත්වයේ දර්ශක 13ක් උපයෝගී කර ගනිමින් ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කර තිබේ.

ගෝලීය පර්යේෂණ කීර්තිය, කලාපීය පර්යේෂණ කෘති, ප්‍රකාශන, සම්මන්ත්‍රණ, සාමාන්‍යකරණය කළ උපුටා දැක්වීම, ප්‍රකාශන වල ප්‍රගතිය ආදී කරුණු පදනම් කරගෙන එම ආයතනය ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here