තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගුව රඳවාගත් පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ තොගය නිදහස් කරයි

    රේගුව රඳවාගත් පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ තොගය නිදහස් කරයි

    පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවාගෙන තිබූ උපකරණ තොගය වහාම නිදහස් කළ බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    එම උපකරණ තොගය රේගුව භාරයට රඳවාගෙන ඇත්තේ ඒවා ආනයනය කළ පෞද්ගලික ආයතනයේ ප්‍රමාද දෝෂයක් නිසා බව ද ඇමතිවරයා කීය.

    එම උපකරණ පිළිකා රෝහලට අවශ්‍ය ඒවා බවට එම රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව තහවුරු කළ බවද ඉන්පසුව ඒවා මුදාහැරි බව ද සියඹලාපිටිය මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img