Home උණුසුම් පුවත් උසස්පෙළ උත්තර පත්‍ර බැලීම කල්යයි

උසස්පෙළ උත්තර පත්‍ර බැලීම කල්යයි

උසස්පෙළ උත්තර පත්‍ර බැලීම කල්යයි

අධ්‍යයනය පොදුසහතික පත්‍ර උසස්පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව අද (22) ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තවත් දින කිහිපයකට කල්යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග පිළිතුරු පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරුන් අඩු පිරිසක් අයදුම්පත්‍ර යොමුකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙම තත්ත්වය මත වුවද, උත්තර පත්‍ර පරීක්ෂාකර ජුනි මස අවසන්වීමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here