Home උණුසුම් පුවත් හිඟ බෙහෙත් වර්ග 43ක් ගෙන්වයි

හිඟ බෙහෙත් වර්ග 43ක් ගෙන්වයි

හිඟ බෙහෙත් වර්ග 43ක් ගෙන්වයි

රටට හිඟව පැවති පිළිකා නාශක ඖෂධ වර්ග 43 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොළඹ වරායට ලැබුණු එම ඖෂධ තොගය මේ වනවිට රේගු නිශ්කාශන කටයුතු සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී එම ඖෂධ රෝහල් වෙත බෙදා හැරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙරට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140 ක් පමණ ඇණවුම් කර ඇති අතර ඒවා කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here