Home උණුසුම් පුවත් ප්‍රවීන කලාකරුවකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන කලාකරුවකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන කලාකරුවකු වන තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ගීත රචකයෙකු, ගායන ශිල්පියෙකු, තිර රචකයෙකු, රංගන ශිල්පියෙකු, නිවේදකයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ තිස්ස ඩයස් මහතා අද දින ( 02) අභාවප්‍රාප්ත විය.

1958 මැයි 04 වන දින උපන් ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ගීත රචකයෙකු ලෙසිනි.

එච්. ආර්. ජෝතිපාලයන් වෙනුවෙන් ඔහු ගීත රැසක් නිර්මාණය කර තිබුණි. ඒ අතර, ‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පියාණෙනි මා’, ‘පුංචි දෝණි තරහාවෙලා’, ‘දහදුක් වින්දේ’, ‘පතනා දේ සුන් වේනම්’, ‘විනෝදයෙන් ඉන්නේ’, ‘සුරා බී මත්වීලා’, ‘දෙදෙනා දෙරටක’ වැනි ගීත ගණනාවක්ම විය.

2017 වසරේ තිරගත වූ “සෙල්ලම් නැත්නම් ලෙල්ලම්” චිත්‍රපටය ඔහුගේ අධ්‍යක්ෂණයකි.

එහි තිර රචකයාද වූ ඔහු, එහි රංගනය සඳහාද එක්විය.

අභාවප්‍රාප්ත තිස්ස ඩයස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here