මුල් පිටුව උණුසුම් පුවත් නිවසක උපන්දින සාදයක වෙඩි වරුසාවක් – 8ක් මරුට

නිවසක උපන්දින සාදයක වෙඩි වරුසාවක් – 8ක් මරුට

0

දකුණු අප්‍රිකාවේ නැඟෙනහිර කේප් පළාතේ නිවසක පැවති උපන්දින සාදයකදී තුවක්කුකරුවන් විසින් සාදයේ සිටි අට දෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කළ බව එරට වාර්තා පවසයි.

එහි පොලිසිය මේ වනවිට ඝාතකයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම සමූහ වෙඩි තැබීම සිදුකර ඇත්තේ තුවක්කුකරුවන් දෙදෙනකු විසිනි.

ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් පළා ගොස් ඇති අතර කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

ප්‍රහාරයට හේතු වූ තත්ත්වයන් සහ විය හැකි චේතනාවන් පිළිබඳ විමර්ශන සිදු වෙමින් පවතින බව එරට පොලීසිය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මියගිය අය අතර නිවසේ හිමිකරු ද සිටින බව පොලිසිය තහවුරු කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version