තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දෙයි

    ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දෙයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මට්ටමින් මුද්‍රණය සඳහා භාරදීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

    එම කොමිසම සඳහන් කළේ සිය පාර්ශවයෙන් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර මේවනවිට ගනිමින් සිටින බවයි. 

    මේ අතර මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර සකස් කර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යොමු කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් බව රජයේ මුද්‍රණාලය පවසයි.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තොග සිය ආයතනය සතුව පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළාය

    පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදු කෙරෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කළා ය.

    පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img