මුල් පිටුව උණුසුම් පුවත් විදෙස්ගත වන ගෘහස්ථ ගෘහපාලන සහායිකා පුහුණුව දිගු වෙයි

විදෙස්ගත වන ගෘහස්ථ ගෘහපාලන සහායිකා පුහුණුව දිගු වෙයි

0

ප්‍රථමවරට ගෘහස්ථ ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ලබා දෙන පුහුණු පාඨමාලාවේ කාලය දීර්ඝ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පියවර ගෙන තිබේ.

එම කාර්යාංශය සඳහන් කළේ, දින 15ක පුහුණු පාඨමාලාව මෙම වසරේ පෙබරවාරි 1 දින සිට NVQ 3 මට්ටම ද සහිතව දින 28ක් දක්වා දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව දින 25ක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර, දින 3ක් ජාතික වෘත්තිය සුදුසුකම ඇගයීමේ කටයුතු සඳහා වෙන්කර ඇති බව සඳහන්ය.

මෙයට අමතරව 2023 වසරේ අප්‍රේල් 01 වනදා සිට ගෘහපාලන සහායිකා තනතුර සඳහා විදේශ ගතවන කාන්තාවන් කාර්යාංශ පුහුණුව සමග වෘත්තිය මට්ටමේ ඉහළ වටිනාකමකින් යුතුව NVQ 3 සහතිකය සහිතව විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමට ඉදිරිපත් විය යුතු වේ.

මේ වන විට කාර්යාංශ පුහුණුව ලබා ඇති කාන්තාවන් සඳහා සහ 2023 ජනවාරි 31 දින හෝ එදිනට පෙර පුහුණුව සම්පූර්ණ කර ඇති කාන්තාවන් සඳහා මෙම කොන්දේසිය අදාළ නොවන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
 
ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව මනා පුහුණුවකින් යුතු ශ්‍රමිකයින් විදේශ ගතකිරීම සඳහා පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් එම තීරණය ගෙන තිබේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version