මුල් පිටුව උණුසුම් පුවත් මොණරාගල හිටපු පොලිස් ලොක්කා ඇතුළු 6ක් රිමාන්ඩ්

මොණරාගල හිටපු පොලිස් ලොක්කා ඇතුළු 6ක් රිමාන්ඩ්

0

ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන රදවාගැනීම් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයේ තබාගෙන විමර්ශන පවත්වන ලද මොණරාගල කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානියාව කටයුතු කළ සිසිල කුමාර ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අද සවස මොණරාගල අධිකාරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකු ඇප මත නිදහස්කරමින් සෙසු සැකකරුවන් සියළු දෙනා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ ඇප මත නිදහස්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සමඟ ජිප් රථයේ ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ මොරටුව එගොඩඋයනේ පදිංචි කරුවෙකි.

රක්ෂිත බන්ධනාගාරගතවූ අය අතර ඊයේ රාත්‍රී කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාද සිටී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ගේ නිල නිවසේ තිබී හමුවී තිබුණේ ඇතිමලේ පොලිසීය විසින් කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් ගංජා තොගයකින් කොටසකි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මොණරාගල පිහිටි නිල නිවසේ තිබී ගංජා ගස් 654ක් සොයාගෙන තිබුණු අතර එම ගංජාවල බර කිලෝ 20කට වැඩිය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version