කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ ඉදි කරනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අද (12) ප්‍රකාශයක් ලබාගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් මහනුවරට ගොස් ඒ දියවඩන නිලමේවරයාගෙන් මෙසේ ප්‍රකාශයක් ගනු ලැබුවේ ඉදිරි විමර්ශන සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ඉදිකිරීමට පළාත් පාලන ආයතනවලින් නිසි අවසර ලබාගෙන තිබේද යන්න පිළිබදවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කරුණු සොයමින් සිටී. ඒ හැරුණු කොට මෙම ඉදිකිරීම් සඳහා මුදල් ලැබෙන මාර්ග ගැන ද කරුණු සොයා බලන බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්ද්රවයන් වහන්සේලා දෙනම සහ දියවඩන නිලමේවරයා විසින් ඒකාබද්ධ ලිපියක් යොමු කිරීමෙන් පසු ජනාධිපති නියමයෙන් මෙම විමර්ශනය ආරම්භකරනු ලැබීය.