Home උණුසුම් පුවත් ඊයේ නැතිවූ අයට විශ්‍රාම වැටුප් අද බැංකුවට

ඊයේ නැතිවූ අයට විශ්‍රාම වැටුප් අද බැංකුවට

ඊයේ නැතිවූ අයට විශ්‍රාම වැටුප් අද බැංකුවට

විශ්‍රාම වැටුප් ගෙවීමට මෙම මාසයට අදාළ මුදල් අද (11) දිනයේ බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

භාණ්ඩාගාරයේ පැවති මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවත්, විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැයවන බවත් ලේකම්වරයා පැවසීය.

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් ඊයේ විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here