මුල් පිටුව උණුසුම් පුවත් සංචාරකයින් 105 රැගත් ප්‍රංශ මගී නෞකාවක් ගාලු වරායට

සංචාරකයින් 105 රැගත් ප්‍රංශ මගී නෞකාවක් ගාලු වරායට

0

සංචාරකයින් 105 ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ගෙන් යුුුතු ප්‍රංශ නෞකාවක් Le Champlain අද (07) ගාලු වරායට සේන්දු විය.

ඉන්දියාවේ කොචින් වරායේ සිට ගාල්ල බලා පැමිණි මෙම සංචාරකයන් අද රාත්‍රියේ ත්‍රිකුණාමලය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දින තුනක් රැදෙන මෙම සංචාරක පිරිස ආපසු ලබන 09 වැනිදා මෙරටින් පිටව යනු ඇත.

සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මගී නෞකාව සිය පළමු ගමන්වාරය සනිටුහන් කර ඇත්තේ 2018 ඔක්තෝබර් 25 වැනිදාය.

ඒ ප්‍රංශයේ හොන්ෆ්ලෙයර් සිට පෘතුගාලයේ ලිස්බන් නුවර දක්වාය.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version