මුල් පිටුව උණුසුම් පුවත් මේගන් නිසා විලියම් තමාට පහරදුන් බවට හැරීගෙන් චෝදනාවක්

මේගන් නිසා විලියම් තමාට පහරදුන් බවට හැරීගෙන් චෝදනාවක්

0

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් සිය ස්ව්‍යං චරිතාපදානයෙන් තමන්ට සිය සොයුරා වන විලයම් කමරු විසින් පහරදුන් බවත් එය සිය සහෝදර බැදීම්වලට දැඩි බලපෑමක් එල්ල කළ බවත්ය.

හැරී කුමරු නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත අදාල ස්වයං චරිතාපදානයේ පිටතක් ලබා ගැනීමට හැකිවූ බ්‍රිතාන්‍ය පුවත්පත සිය විශේෂ ලිපියක් මගින් අදාල පහරදීම සම්බන්ධයෙන් අනාවරණය කර ඇත.

පුවත්පත පවසන පරිදි හැරී කුමරු සඳහන් කර ඇත්තේ තමන් ඇමරිකානු නිලියක් වන මේගන් විවාහ කරගැනීම මත පදනම්ව මෙම මත ගැටුම ඇති වූ බවත්ය.

″විලියම් මගේ කොලරයෙන් අල්ලාගෙන මගේ මාලය කඩා දැම්මා පස්සේ මාව බිමට තල්ලු කරලා දැම්මා″ යනුවෙන් හැරී කුමරු විසින් සිය චරිතාපදානයේ සඳහන් කර ඇති බව ගාඩියන් පුවත්පත සඳහන් කරයි.

මෙහිදී මේගන් ඉතා අමාරු, නපුරු චරිතයක් බවට විලියම් කුමරු විසින් හදුන්වා දී ඇති බවද අනාවරණය වේ.

මෙම චරිතාපදානයෙන් විලියම් සහ හැරී අතර ඇති වූ මත ගැටුම් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ලබන අතර එහිදී විලියම් කුමරු විසින් හැරීට ඇනුම්පද කියමින් අපහාස කළ බවටද සඳහන්ව ඇති බව ගාඩියන් පුවත් පත අනාවරණය කරයි.

හැරී කුමරු මේගන් විවාහ කරගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුල තුල විවිධ මත ගැටුම් මතුවූ අතර එහිදී ඇතැමුන් මේගන් ඩයනා කුමරියට සමාන කිරීමටද උත්සහ කළ ආකාරයට දැක ගැනීමට හැකිවිය.

කෙසේවෙතත් මේගන් සහ හැරී තමන් රජ පවුලේ රාජකාරිවලින් ඉවත්වන බවට පවසා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි විය.

එහිදී හැරී විසින් තමන්ට රජ පවුලේ සමාජිකයින්ට ලැබෙන ආරක්ෂාව නොලැබීම සම්බන්ධයෙන් මැසිවිලි නැගූ අතර එහිදී බ්‍රිතාන්‍ය ජනයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ රජ පවුලේ රාජකාරිවලින් ඉවත් වන්නේ නම් බ්‍රිතාන්‍ය මහජන බදුවලින් මේගන් සහ හැරී නඩුත්තු නොකළයුතු බවයි.

එහෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ මේගන් සහ හැරී සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා බහට ලක්වූ අතර එහිදී මේගන් බ්‍රිතාන්‍ය රජ සම්ප්‍රදායට පහටහැනිව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කර තිබිණි.

මේ අතර චාලර්ස් රජ විසින් හැරී සහ මේගන් හැකිතාක් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඈත් කර තැබීමට උත්සහ කරමින් සිටින බවත් ඔවුන් කිසිඳු රාජකීය අවස්ථාවකට එක් කරගැනීමට රජු විසින් අකමැත්ත පළකර ඇති බවද ඇතැම් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබණි.

පසුව ඇය විසින් නෙට්ෆ්ලික්ස් නිර්මාණය කළ විශේෂ වාර්තා වැඩසටහනකට එක්විය. එහිදී මේගන් රජ පවුල දැඩි ලෙස විවේචනය කළ අතර එහිදී මහ රැජිනට රජ පවුලේ කාන්තා පාර්ශය ගෞරව දැක්වූ ආකාරය හාස්‍යට ලක්කළ අතර ඊට බ්‍රිතාන්‍ය ජනතාව දැඩි විරෝධය පළකර තිබිණි.

මේ අතර මීට සති කිහිපයකට පෙර හැරී පවසා ඇත්තේ තමන්ට සිය පියා සහ සහෝදරයා ජීවිතයට ලංකර ගැනීමට යලි අවශ්‍ය බවයි. කෙසේ වෙතත් මෙවැනි චෝදනා මගින් ඔහුට යලිත් රජ පවුලේ ගෞරවය දිනා ගැනීමට හැකියාවක් නොලැබෙනු ඇති බවටයි විචාරයක් පවසා ඇත්තේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version