මුල් පිටුව උණුසුම් පුවත් බෝට්ටු පෙරලී ධිවරයින් 5ක් මහමුහුදේ අතුරුදන්

බෝට්ටු පෙරලී ධිවරයින් 5ක් මහමුහුදේ අතුරුදන්

0

වාලච්චේනෙන් සහ ගාල්ලෙන් මුහුදු ගිය ධිවරයින් 05 දෙනෙක් ඔවුන් ගමන් ගත් යාත්‍රා අනතුරට ලක්ව අතුරුදන්ව ඇත.

වාලච්චේන ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පසුගිය 03 වෙනිදා පිටත්ව ගිය I.M.U.L.A.0794 MTR අංකය දරණ ධිවර යාත්‍රාව පසුගිය 08 වෙනිදා රළ පහරකට හසුවී පෙරළී තිබේ.

එම අනතුර සිදුවන විට යාත්‍රාවේ තිදෙනෙක් එහි සිට ඇත. ඒ අයගෙන් එක් අයෙකුව හම්බන්තොට ධිවරයින් පිරිසකට හමුවී දිවි බේරාගෙන ඇත.

අතුරුදන්ව ඇත්තේ එම්.එල්.රිස්වි (30) සහ එන්.එම්. රියාස් (20) යන ධිවරයින් දෙදෙනාය.

මේ අතර මාගල්ල ධිවර වරායෙන් පසුගිය නොවැම්බර් 22 වෙනිදා ධීවරයින් 06 දෙනෙක් සමඟ මුහුදු ගිය ධිවර යාත්‍රාවක් කුණාටුවකට හසුවී පෙරලීමෙන් ධිවරයින් තිදෙනෙක් අතුරුදන්ව ඇත.

මාගල්ල, මිලිද්දූව සහ දුවමලලගම පදිංචිකරුවන් වන කපිල ගිහාන්, ඒ. සුරේෂ් සහ ඩබ්ලිව්.ඒ.ජානක යන තිදෙනා මෙසේ අතුරුදන්ව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version