මුල් පිටුව උණුසුම් පුවත් ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

ජනපති නියෝගයෙන් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම අත්හිටුවයි

0

ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් දහසකට අධික සංඛ්‍යාවකගේ හදිසි මිය යාම හේතුවෙන්, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය කර ඇත්තේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා ය.

ගෙවුණු දෙදින තුළ උතුරු සහ නැගෙනහිර පළාතේ ගවයන්, එළුවන්, මී ගවයන් 1092ක් මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබේ.

ඊට අදාළව මහජන සෞඛ්‍යාරක්ෂාව උදෙසා පිළිබද ජනාධිපතිවරයා කළ නියෝග පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version