මුල් පිටුව උණුසුම් පුවත් PUCSL සභාපති විදුලි ගාස්තු වැඩිකරන්න අකමැති හේතුව ජනපති හෙළිකරයි

PUCSL සභාපති විදුලි ගාස්තු වැඩිකරන්න අකමැති හේතුව ජනපති හෙළිකරයි

0

විදුලි බිල වැඩිකිරීමට ඉඩනොදෙන බව කී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, සභාපතිත්වය දරන, විදුලිය විශාල ලෙස භාවිතයට ගන්නා සුඛෝපභෝගී නිවාස, හෝටල් අයත් සමාගම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඔහු හමුවිය යුතු බවත් ය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිත්ව දරන්නේ ජනක රත්නායක මහතා ය.

විදුලි ගාස්තු වැඩිවුවහොත් එම සභාපතිවරයාගේ සමාගමේ බිල ද වැඩිවන බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඒ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“මමයි PUCSL(මහජන උපයෝගීතා කොමිසම) පනත හැදුවේ. ඉතින් මම දන්නවා ඕක. අනික මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශ‍ය යටතේ. මං නොදන්නවයැ. මං දන්නේ නෑ මේ ජනතාව නොමග යවන්නේ ඇයි කියලා. මේ සභාපතිතුමාව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් එතුමා කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කීපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩිකරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද එහෙනම් ආර්ථිකය ගෙනියන්නේ එතුමට ඇති බලයක් නෙවෙයි. මොකද විශේෂයෙන් එතුමා තමයි ට්‍රිලියම් සමාගමේ සභාපති. දැන් ට්‍රිලියම් සමාගමනේ වැඩියෙන්ම විදුලිය ගන්නේ… සුප‍ෝපබෝගි ඒවට කොච්චර විදුලිය යනවද? ‍නිකම් ඒවත් නෙවෙයි මේවා. එතුමට විවිධ සංවිධාන දීලා තියෙනවා. ට්‍රිලියම් රෙසිඩන්සීස්, ට්‍රිලියම් හැව්ලොක් රෙසිඩන්සීස්, ට්‍රිලියම් රෙසිඩන්සීස් කලම්බෝ 7, ට්‍රිලියම් නිගම්බෝ විලාස්, ට්‍රිලියම් හොටෙල්ස් කලම්බෝ. ඒ කියන්නේ විදුලිබලය වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා. දැන් එතුමට කරන්න තිබුණේ කොමිසමේ කියන්න මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ නිසා මට මේක බලපානවා මං මේ රැස්වීමට එන්නේ නෑ කියලා කියන්න. conflict of interest…. මම මේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉඩදෙනවා කරන්න තියෙන්නේ මොකක්ද කියලා තීරණය කරන්න… මටත් එහෙම එකක් තියෙනවා නම් මමත් කැමති නෑ විදුලි බලය වැඩිවෙනවට. මට දැන් ගෙයක් නෑ ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ. ” යැයි ද ජනාධිපතිවරයා මැතිසබේදී පැවසීය.

“ජනතාවට තියෙන අමාරුව අපි දන්නවා. කවුරුත් කැමති නෑ මේවා වැඩි කරන්න. අපි හුඟක් අමාරුවෙන් අකමැත්තෙන් හරි මේවා කරන්න තීන්දු කළා. අපිට ජනප්‍රිය නොවන තීන්දු ගන්න වෙනවා. ඒ නිසා අනාගතය හොඳවෙන්ට යනවා. අපි මෙතන ඉන්නේ හැමදාම අපි ජනප්‍රිය නොවන තීන්දු නොගත් නිසා. මේකට හැමෝම වගකියන්න ඕන. විදුලි ගාස්තුව වැඩිකරලා නෑ මම හිතන්නේ 2013 න් පස්සේ. අපි හැමකෙනාම මේකට වවගකියන්න ඕන. ඇත්ත වශයෙන්ම අපි ඒ තීරණ ගන්න ඕන. අනික් රටවල් අමාරුවෙන් හරි ඒ තීරණ ගත්තා. අපි ගත්තේ නෑ. ඒකයි අද මෙතන ඉන්නේ. කොහොමද ආදායම වැඩි කරන්නේ. ක්‍රම 3යි තියෙන්නේ. මුදල් මුද්‍රණය: ඒකෙන් රුපියල බාල්දු වෙනවා, වැට් වැඩිකිරීම ඒක වැඩිකරලා කරලා එතනින් එයාට ඒකෙන් ප්‍රශ්නයක් එනවා, ඊළඟට තියෙන්නේ විදුලි ගාස්තු වැඩිකිරීම. ඔක්කොම කෑගහන්න පුළුවන්. වෙන ක්‍රමයක් නෑ” යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version