මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගෑස් මිල නගී

ලීට්‍රෝ ගෑස් මිල නගී

0

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි කෙරේ.

කි.ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 250/- කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු. 4,610/- කි. එහි පෙර මිල රු. 4,360/-ක්ව පැවතිණි.

කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරය රු. 100/-කින් ඉහළ දැමේ. ඒ අනුව එම සිලින්ඩරයක නව මිල සිට රු. 1,850/-කි. එහි පෙර මිල වූයේ රු. 1,750/-කි.

කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රු. 45/- කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රු. 860/- කි. එහි පෙර මිල රු. 815/-ක්ව පවතිණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version