Home උණුසුම් පුවත් එන සතියේ මැකො ඡන්දය ප්‍රකාශයට පත්කරයිද?

එන සතියේ මැකො ඡන්දය ප්‍රකාශයට පත්කරයිද?

එන සතියේ මැකො ඡන්දය ප්‍රකාශයට පත්කරයිද?

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නැති හෙයින් මේ සතිය තුල එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

දැනට පවතින වාතාවරණය තුළ මැතිවරණය ප්‍රකාශයට පත් නොකර කල්මරමින් සිට යම් හෙයකින් ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා නීතිමය බාධාවක් ඇති කළහොත් එහි වගකීම මැතිවරණ කොමිසම භාරගත යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය සම්මත කිරීම නිසාත් නව මැතිවරණ කොමිසමක් ස්ථාපිත කර නැති නිසාත් මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොවන බව ද ඒ පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසීමට අවශ්‍ය නැති බවද පැෆරල් සංවිධානයෙන් මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

මෙවැනි අන්තර්කාලීන තත්වයන් යටතේ හිටපු මැතිවරණ කොමසාරිස්වරුන් වන දයානන්ද දිසානායක සහ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් ඡන්ද විමසීම් ගණනාවක් පැවැත් වූ බව ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here