මුල් පිටුව special චීනයේ ලොකුම අයිෆෝන් කම්හලේ දරුණු ගැටුම්

චීනයේ ලොකුම අයිෆෝන් කම්හලේ දරුණු ගැටුම්

0

චීනයේ ජන්ග්ජෝ හී පිහිටි ලොව විශාලතම ඇපල් අයිෆෝන් කර්මාන්ත ශාලාවේ විශාල විරෝධතාවයක් හා දරුණු ගැටුමක් සිදුව ඇතැයි වාර්තාවේ.

එහිදී කාර්මාන්ත ශාලාවේ සේවකයින් හා චීන පොලිසිය අතර දරුණු ගැටුම් ඇතිව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන සමාජ ජාල මාධ්‍ය වල සංසරණ වූ පිරිදි කාර්මාන්ත ශාලාවේ සේවකයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට යොදා ගන්නා ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබේ.

එහිදී තත්ත්වය දරුණු වීමෙන් පසු චීන කැරලි මර්ධන පොලිසියද එම කර්මාන්ත ශාලාවට කැදවීමට පියවරගෙන ඇති බවද වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ හිමිකාරිත්වය දරණ ෆොක්ස්කොන් සමාගම ප්‍රකාශ කර සිටියේ ප්‍රචන්ඩ ක්‍රියා වැලැක්වීම සඳහා කර්මාන්ත ශාලාවේ සේවකයින් සහ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

ෆොක්ස්කොන් සමාගම ප්‍රකාශ කර සිටියේ ඇතැම් සේවකයින් තුල වැටුම් සම්බන්ධයෙන් යම් සැකයක් නිර්මාණ වී තිබූ බවත් ඇතැමුන් තුල තමන්ට නිසි පරිදි වැටුම් නොලැබෙනු ඇතැයි බියක් නිර්මාණය වී තිබූ බවයි. කෙසේ වෙතත් සෑම සේවකයෙකුටම නිසි වැටුප නිසි කාලයේදී ලබා දීමට පියවර ගන්නා බවද කිසිවෙකුට සිය වැටුප සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවද ෆොක්ස්කොන් සමාගම පවසයි.

මේ අතර කොරෝනා ආසාදනය වූ කර්මාන්ත ශාලා සේවකයින් රඳවා සිටි නේවාසිකාගාරවලම නව සේවකයින් රඳවා තැබීම සිදුකරන බවටද මෙහිදී සේවකයින් චෝදනා කළ අතර එමගින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටද අදහස් පළවී තිබිණි.

කෙසේවෙතත් ෆොක්ස්කොන් සමාගම පවසා ඇත්තේ අදාල නේවාසිකාගාර විෂබීජහරණය කර ප්‍රාදේශීය නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලද බවයි.

ඉකුත් මාසයේදී චීනයේ යලිත් කොරෝනා රෝගීන්ගේ වර්ධනය වීමත් සමඟ කර්මානත ශාලාව සේවකයින්ට දැඩි සංචරන සීමා පැනවූ අතර බොහෝ පිරිසක් එම සීමාවන් සිරගත කිරීමකට සමාන බවට අදහස් පළකර තිබිනි.

ලොව අනෙකුත් රටවල් සංචරන සීමාවන් ඉවත් කිරීමට පියවර ගත්තද චීනය තවමත් දැඩි කොරෝනා මර්ධන නීති අනුගමය කරමින් සිටින අතර එමගින් එරට ආර්ථිකයට මේවන විට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද වාර්තාවේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version