Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයගේ විශ්‍රාම වයසේ වෙනසක්!

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයගේ විශ්‍රාම වයසේ වෙනසක්!

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ අයගේ විශ්‍රාම වයසේ වෙනසක්!

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62ක් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රජයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස මේ වන විට අවුරුදු හැටක් බවට පත් කර තිබෙන අතර පාර්ලිමේන්තු නිලධාරීන්ට සහ සේවකයින්ට තවත් අවුරුදු දෙකක කාලයක් වැඩිපුර ලබාදීම සඳහා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාව මගින් එම යෝජනාව පිළිගතහොත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස අවුරුදු හැට දෙකක් බවට පත් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ ඇතැම් නිලධාරීන් විරෝධය දක්වා ඇතැයිද වාර්තා වේ.

පහළ තනතුරු වල නිලධාරීන්ට ඉහළ තනතුරු ලබා ගැනීමට එය බාධාවක් වන බව ද ඔවුන්ගේ අදහස වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here