මුල් පිටුව GOSSIP තම සිසුවියක විවාහ කරගන්න පිරිමියකු වූ ගුරුවරියක්

තම සිසුවියක විවාහ කරගන්න පිරිමියකු වූ ගුරුවරියක්

0

ගුරුවරියක් තම ශිෂ්‍යාව සමඟ විවාහ වීම සඳහා පුරුෂයෙකු වීමට සිය ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමේ සැත්කමක් සිදු කළ පුවතක් ඉන්දියාවේ රාජස්ථානයේ භාරත්පූර් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මීරා ලෙස පෙර නමින් සිටි ගුරුවරිය ශාරීරික අධ්‍යාපන විෂය භාර ගුරුවරියයි.

ඇයට කල්පනා ෆවුස්දාර් නමැති සිසුවිය හමුවන්නේ ද පාසලේ ශාරීරික අධ්‍යාපන පන්ති අතරතුරදීය.

කල්පනා ප්‍රාන්ත මට්ටමින් කබඩි ක්‍රීඩා කළ අතර ලබන ජනවාරි මාසයේදී ජාත්‍යන්තර කබඩි තරගාවලියක් සඳහා ඩුබායි බලා යාමට නියමිත ය.

ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම ගැන කතා කරමින්, තම ලිංගභේදය වෙනස් කළ ගුරුවරිය වන ආරව් කුන්ටල් පැවසුවේ තම ලිංගභේදය වෙනස් කිරීමට තමා පෙර සිටම කැමත්තෙන් පසුවූ බවයි.

“මගේ ලිංගභේදය වෙනස් කිරීම සඳහා ශල්‍යකර්මයක් කරන්න ඕන කියන එක මම නිතරම ප්‍රාර්ථනා කළ දෙයක්. මගේ පළමු ශල්‍යකර්මය 2019 දෙසැම්බර් මාසයේදී සිදු කළා.” ලිංගභේදය වෙනස් කළ ගුරුවරිය වන ආරව් කුන්ටල් පැවසීය.

“මම මුල සිටම එයාට ආදරය කළා. එයා මේ ශල්‍යකර්මය කළේ නැතත් මම එයාව බඳිනවා. මම එයා එක්ක සැත්කමටත් ගියා” ආරව් සමඟ විවාහ වූ පසු කල්පනා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

 

ලිංගභේදය වෙනස් කරගත් ආරව් කුන්ටල් සැත්කමකින් පිරිමියකු බවට පත්වී සිසුවිය විවාහ කරගැනීමෙන් පසු.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version