මුල් පිටුව special උතුරු කොරියාවෙන් රුසියාවට කාලතුවක්කු උණ්ඩ

උතුරු කොරියාවෙන් රුසියාවට කාලතුවක්කු උණ්ඩ

0

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා උතුරු කොරියාවෙන් රුසියාවට ඉතා රහසිගතව කාලතුවක්කු උණ්ඩ සැපයෙන බවට ධවල මන්දිරය චෝදනා කර ඇත.

අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කිර්බ CNN ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ Pyongyang විසින් ක්‍රෙම්ලිනයේ හමුදාවන්ට සැලකිය යුතු කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණයක් සපයන බවයි.

ආයුධ නැව්ගත කිරීම් වල සැබෑ ගමනාන්තය මැද පෙරදිග හෝ උතුරු අප්‍රිකාව ලෙස ව්‍යාජව දක්වමින් මෙම රහසිගත කටයුත්ත සිදුවන බව ජෝන් කිර්බ පවසයි.

රුසියාව රොකට් සහ කාලතුවක්කු උණ්ඩ ඉල්ලා සිටි බව එක්සත් ජනපද බුද්ධි නිලධාරීන් පළමුව සැප්තැම්බර් මාසයේදී හෙළි කළ නමුත් උතුරු කොරියාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කිර්බ සඳහන් කරයි.

උතුරු කොරියාව රුසියාවට ආයුධ යවන බවට එක්සත් ජනපදය සතුව ඇති සාක්ෂි මොනවාදැයි කිර්බ විස්තර නොකළ අතර ෂෙල් වෙඩි කීයක් නැව්ගත කරන්නේද යන්න හෝ රුසියාව ඒවාට ගෙවන්නේ කෙසේද යන්න ඔහු ප්‍රකාශ කළේ නැත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version