මුල් පිටුව COVID කොවිඩ් මර්දන එන්නත්කරණය තවම ඉවර නෑ

කොවිඩ් මර්දන එන්නත්කරණය තවම ඉවර නෑ

0

රටතුල තිබූ ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වුවද, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අවසන් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ෆයිසර් එන්නත් කල් ඉකුත් වුවද මෙරටට ගෙන්වා ඇති වෙනත් කල් ඉකුත් නොවූ වෙනත් එන්නත් තොගයක් රට තුළ පවතින බැවින් අවශ්‍ය අයෙකුට ඒවා ලබාගත හැකි බවයි.

මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් කල් ඉකුත් වුණේ පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදායි.

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 යි දශම 5 ක් එලෙස කල් ඉකුත්වී ඇති බව වාර්තා වේ.

එම එන්නත් තොගය කල් ඉකුත්වීමට පෙර මියන්මාරයට හෝ දකුණු අප්‍රිකාවට ලබාදීමට රජය උත්සහ දැරුවද එය ව්‍යර්ථ විය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version