තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි ඡන්දෙදි ආණ්ඩු පක්ෂයේ 30- 40ක්ම එජාපයට

    ඉදිරි ඡන්දෙදි ආණ්ඩු පක්ෂයේ 30- 40ක්ම එජාපයට

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ‘අපේ පරණ නායකයා’ හෙයින් ඔහුත් සමග එක්වන ලෙස ආරාධනා කළහොත් ඊට එකඟතාවය පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අද(25) දහවල් මහනුවරදී පැවසීය.

    රවුෆ් හකීම් මහතා එම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව මගින් සංවිධානය කරන ලද මිලාද් උන් නබි පාසල් ජාතික සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වෙමිනි.

    එහිදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජාතික උළෙල පැවැත්විණි.

    එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රවුෆ් හකීම් මහතා සඳහන් කළේ ‘පිල් මාරු වීම් පක්ෂ මාරු වීම් මේ වන විට සරල දෙයක්’ වී ඇති බව ය.

    ඒ නිසා එවැන්නක් වුවහොත් පුදුමයට පත්විය යුතු නොවන බවද හකීම් මහතා සඳහන් කළේය.

    ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වූවාට පසු ආණ්ඩු පක්ෂයේ තිහක් හතළිහක් ජනාධිපතිවරයාට සහය දක්වමින් ඉදිරි මැතිවරණයේ දී එතුමාගේ පක්ෂය සමග එක් වීමට සූදානම්ව සිටින බවද හකීම් මහතා කීය.

    මේ වන විට කපුටු ජවනිකා නිම වෙමින් පවතින හෙයින් අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගත හැකි බවද හකීම් මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img