තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මොනරාගල වගාවන්ට රුපියල් කෝටි 10ක්

    මොනරාගල වගාවන්ට රුපියල් කෝටි 10ක්

    මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි දහයක මූල්‍ය ප්‍රදානයක් ලබාදී තිබේ.

    මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර, විජලනය කරන ලද එලවළු හා පලතුරු අපනයනය කිරීම, ආරක්ෂිත ගෘහ තුල වගා කිරීම, පොල් ලෙලි හා පොල් ආශ්‍රිත ව්‍යාපාර නංවාලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය මගින් එම මූල්‍ය ප්‍රධාන ලබාදී තිබේ.

    මොනරාගල දිස්ත්‍රික්කයේ අපනයන කෘශිකර්මාන්තය නංවාලීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් විශාල රුකුලක් ලබා දී ඇත.

    මෙම ව්‍යාපෘතිය මගින් ඍජු රැකියා 400කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති අතර ගොවීන් පන්දහසකට පමණ සෙත සැලසී තිබෙන බවද කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය සඳහන් කරයි.

    ගොවීන්ගේ සහ ගොවි සංගම් වලින් අස්වනු මිලදී ගැනීමද මෙම ව්‍යාපෘති මගින් සිදුකරන ඒවා අපනයනය කිරීමට ද කටයුතු කරන බව ව කෘෂිකර්ම අංශයේ නවීකරණ ව්‍යාපෘතිය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img