මුල් පිටුව උණුසුම් පුවත් එකට බොන්න ගිය අයෙක් මරුට – 3ක් රෝහලේ – 5ක් පොලීසියේ

එකට බොන්න ගිය අයෙක් මරුට – 3ක් රෝහලේ – 5ක් පොලීසියේ

0
Shattered beer bottle resting on the ground: alcoholism concept - toned image

එකට මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ කථාබහක් දුරදිග ගොස් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් එක් අයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් තිදෙනා ගලහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසිය කියයි.

මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේ පුපුරැස්ස පොලිස් වසමේ ලෙවලවත්ත ප්‍රදේශයේදීය.

මියගොස් ඇත්තේද එම ප්‍රදේශයේම පදිංචි 37 වියැති පුද්ගලයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පුපුරැස්ස පොලීසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version