මුල් පිටුව උණුසුම් පුවත් 2023 අයවැය අද පාර්ලිමේන්තුවට

2023 අයවැය අද පාර්ලිමේන්තුවට

0

2023 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීමට) නියමිතය.

අද (18) සිට 21 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ.

මෙම සෑම දිනකම පෙ.ව 9.30-පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

මේ අනුව අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බවද මහලේකම්වරයා පැවසීය.

ඔක්තෝබර් 19 වැනිදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද නියමිතව තිබේ.

මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනේ.

අනතුරුව එදින ප.ව 5.00 – ප.ව 5.30 කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

ඔක්තෝබර් 20 සහ 21 දෙදින පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය.

ලබන 20 වැනි දින ප.ව 5.00 – ප.ව 5.30 කාලය වෙන් කර ඇත්තේ විපක්ෂය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සදහායි.

එසේම ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version