තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ ගණනක විදුලි බිල නොගෙවූ නිසා ජාතික රූපවාහිනියේ විදුලිය කපලා

    ලක්ෂ ගණනක විදුලි බිල නොගෙවූ නිසා ජාතික රූපවාහිනියේ විදුලිය කපලා

    ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ හිඟ විදුලි බිලක් නොගෙවීම නිසා එම සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි වීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු එහි අනුබද්ධ නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ මහත් ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අතර විදුලි ජනක ආධාරයෙන් නාළිකා විකාශය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

    ජාතික රූපවාහිනී සංස්ථාව මාස ගණනාවක් තිස්සේ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර තිබූ අතර රුපියල් ලක්ෂ අනුවක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබූ බවද පසුව ලක්ෂ 20 ක පමණ මුදලක් ගෙවා තිබූ බවද පැවසේ.

    කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ජාතික රූපවාහිනියට රතු නිවේදන නිකුත් කරමින් හිඟ විදුලි බිල්පත් ගෙවන ලෙස අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබිණ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ අද දහවල් 2 ට පමණ ජාතික රුපවාහිනි සංස්ථාවේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගත්තේය.

    මේ අතර රූපවාහිනී සංස්ථාවේ නිලධාරීන් අද පස්වරුවේ ලංකා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වූ අතර හිඟ මුදල් වාරික ලෙස ගෙවා නිම කිරීමටත් එතෙක් විදුලි සැපයුම ලබා දෙන ලෙසත් ඉල්ලා තිබිණ.

    රූපවාහිනී සංස්ථාවේ බලධාරීන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා උපයෝගීතා කොමිෂන් සභාවෙන් ද සහාය ඉල්ලා තිබූ අතර ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් ද එම ප්‍රශ්නයට මැදිහත් වූ බව ආරංචි මාර්ග සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img