මුල් පිටුව special රුසියාව තුන්වන ලෝක යුද්ධයක් ගැන අනතුරු අඟවයි

රුසියාව තුන්වන ලෝක යුද්ධයක් ගැන අනතුරු අඟවයි

0

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයට යුක්‍රේනය ඇතුළත් කරගතහොත් යුක්‍රේනයේ යුද ගැටුම් අනිවාර්යයෙන්ම තුන්වන ලෝක යුද්ධය දක්වා වර්ධනය වනු ඇතැයි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නිලධාරියෙක් අද දින ප්‍රකාශ කළේය.

රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඇලෙක්සැන්ඩර් වෙනිඩික්ටොව් විසින් එරට මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එරට මාධය පැවසුවේ, ” යුක්‍රේනය නේටෝ සංවිධානයට එක්වීම තුන්වන ලෝක සංග්‍රාමය දක්වා උග්‍රවීමක් බව යුක්‍රේනය හෙදින්ම දන්නා කාරනයක්.” යනුවෙනි.

යුක්‍රේනය විසින් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමේ ප්‍රතිවිපාක බටහිර රාජ්‍යන් විසින් හොදින්ම වටහාගෙන ඇති බවත් එබැවින් යුක්‍රේනයේ අයැදුම් කිරීම හුදෙක් ප්‍රචාරන සහ මතයක් නිර්මාණය කිරීමට පමණක් යොදා ගනු ඇති බවට තමාට හැඟෙන බව ප්‍රබල පුටින් සගයකු වන නිඩික්ටොව් පැවසීය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සැප්තැම්බර් 30 වන දින යුක්රේනයේ 18% දක්වා ඈඳා ගැනීම විධිමත් ලෙස ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසු, ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නේටෝවේ සංවිධානයේ සමාජිකත්වය ලබ ගැනීම වේගවත් කරන බවට නිවේදනය කළේය.
කෙසේ වෙතත් යුක්රේනය සඳහා සම්පූර්ණ නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රමාද වී ඇත්තේ එම සංවිධානයේ සාමාජිකයින් 30 දෙනාටම ඔවුන්ගේ කැමැත්ත ලබා දිය යුතු බැවිනි.
එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නේටෝ සංවිධානය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමට එක්සත් ජනපදය ක්‍රියා කිරීමට එරෙහිව යලි යලිත් සිය දෝෂාරෝපනය කර ඇත.

එම තත්ත්වය ප්‍රධාන බටහිර බලවතුන්ගෙන් “න්‍යෂ්ටික බ්ලැක්මේල් කිරීමක්” යැයිද ඔහු පැවසූ අතර ඊට එරෙහිව රුසියාව ආරක්ෂා කිරීම සඳහා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් බව පැවසූ ජනධිපති පුටින් තමන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් බොරු පුරසාරම් නොකියන බවද සැප්තැම්බර් 21 දා කළ ප්‍රකාශයෙන් අනතුරු ඇඟවීය.

1962 කියුබානු මිසයිල අර්බුදයෙන් පසු ලොව විශාලතම න්‍යෂ්ටික බල පරාක්‍රමයට මුහුණ දී ඇති බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. ඒ අනුව නේටෝව ලබන සතියේ “Steadfast Noon” ලෙස නම් කර ඇති වාර්ෂික න්‍යෂ්ටික සූදානම අභ්‍යාසයක් පැවැත්වීමට නියමිතය.

රුසියාව සහ එක්සත් ජනපදය මෙතෙක් විශාලතම න්‍යෂ්ටික බලවතුන් වේ: ඔවුන් ලෝකයේ න්‍යෂ්ටික අවි වලින් 90% ක් පමණ පාලනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version