මුල් පිටුව උණුසුම් පුවත් වයස 97 යි – මහතීර් මොහොමඩ් යළිත් මහඡන්දෙට

වයස 97 යි – මහතීර් මොහොමඩ් යළිත් මහඡන්දෙට

0

ලෝකයේ වඩාත්ම පළපුරුදු දේශපාලනඥයෙකු වන දැනට 97 හැවරිදි වියේ සිටින මැලේසියාවේ මහතීර් මොහොමඩ් තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව ප්‍රකාශ කරයි.

මහතීර් මෙහොමඩ් මැලේසියාවේ අගමැති ධුරය දෙවරක් දරා ඇති අතර ප්‍රථම වරට වර්ෂ 1981 සිට 2003 දක්වාද පසුව යලිත් වයස අවුරුද 92 දී 2008 සිට 2020 දක්වා එම ධුරයේ කටයුතු කර ඇති. ඒ අනුව සමස්ථයක් ලෙස ඔහු මැලේසියාවේ අග්‍රමාත්‍ය ධුරයේ වසර 24ක් කටයුතු කර තිබේ.

ඔහු මේ වසර මුලදී හෘදයාබාධයකින් රෝහල් ගතව සිටි නමුත් ඔහු පවසන්නේ ඔහුගේ ආසනය ආරක්ෂා කර ගැනීමට තරම් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

තම සන්ධානය ජයග්‍රහණය කළහොත් තමා අගමැති වන්නේ දැයි ඔහු තවමත් නිල වශයෙන් ප්‍රකාශක් සිදු කර නොමැති බව මැලේසියානු මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

“අගමැති කවුරුන්ද යන්න අපි තීරණය කර නැත, මන්ද අගමැති අපේක්ෂකයා අදාළ වන්නේ අප ජයග්‍රහණය කළහොත් පමණි,” මහතීර් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබේ.

මැලේසියාවේ පාර්ලිමේන්තුව සඳුදා විසුරුවා හරින ලද අතර, 1MDB නමින් හැඳින්වෙන රජයේ අරමුදලක් සම්බන්ධ ලෝකයේ විශාලතම මූල්‍ය වංචාවකින් පසු නිර්මාණ වූ දේශපාලන අස්ථාවරත්වය මැතිවරණයෙන් පසු අවසන් කරනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

මහතීර් ප්‍රථම වරට මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත් වූයේ 1964 දී ය. 1980 දශකය මුල් භාගයේ සිට මැලේසියාවේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ පරිවර්තනය සඳහා ඔහු පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර වේ.

2018 දී, ඔහු විශ්‍රාම ගොස් සිට මහතිරීත් මොහොමඩ් යලිත් දේශාපලනයට පැමිණියේ, රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියන සිය ගණනක් අවභාවිත කළ බවට චෝදනා එල්ල වූ හිටපු අගමැති නජීබ් රසාක් බලයෙන් පහ කිරීමේ උත්සාහයක් ලෙස ය.

හිටපු ප්‍රතිවාදියා වූ අන්වර් ඊබ්‍රාහිම්ගේ සහාය ඇතිව, මහතීර් නැවතත් රටේ අගමැති ලෙස ඡන්දය ප්‍රකාශ කරන ලද අතර, නජීබ් හට මුදල් විශුද්ධිකරණය සහ බලය අයුතු ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත චෝදනා එල්ල වී අවසානයේ සිරගත කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version