මුල් පිටුව උණුසුම් පුවත් කෝච්චි පරක්කුව ගැන හෙවිල්ලත් රහස් පොලීසියට

කෝච්චි පරක්කුව ගැන හෙවිල්ලත් රහස් පොලීසියට

0

දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමන් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යටතේ අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදුකරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම වෘත්තීය සමිති නායකයින් කැඳවා ඔවුන්ට ප්‍රශ්න ඇත්නම් සාකච්ඡා කර විසඳාගැනීමට තමන් සූදානම් බව ද සඳහන් කළේය.

ජනතාවගේ ඉන්ධන පිරිවැය ඉහළයාම හේතුවෙන් ඔවුන්ට පහසුවක් ලෙස පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට තමන් දුෂ්කරතා යටතේ සාධනීය පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

photo – File Photo

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version