මුල් පිටුව උණුසුම් පුවත් අනතුරු ඇඟවීමයි..! ලබන වසරේදී ලෝක ආර්ථිකය අවපාතයක්

අනතුරු ඇඟවීමයි..! ලබන වසරේදී ලෝක ආර්ථිකය අවපාතයක්

0

ලබන වසරේදී ගෝලීය ආර්ථික අවපාතයක් ඇතිවීමේ අවදානම වර්ධනය වෙමින් ඇතැයි අද ජාත්‍යන්තරයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඒ අමෙරිකාවේ දී අද ආරම්භ වූ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික මහ සභා රැස්වීමේදී ය.

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සමඟ සංවාදයකදී මේ බව පවසා ඇත.

මැල්පාස් පැවසුවේ “ලබන වසරේ ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් සහ බරපතළ අනතුරක් තිබෙන” බවයි.

දියුණු ආර්ථිකයන් ඇති රටවල මන්දගාමී වර්ධනය සහ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් අවප්‍රමාණය වීම ඔහු උපුටා දැක්වීය.

මෙහිදී ජෝර්ජිවා පැවසුවේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ “සැලකිය යුතු ගැටලුවක්” IMF දුටු බවයි. මෙම අස්ථාවරත්වය, වර්ධනය පහතට ඇද දමන බවට එහිදී පෙනී ගිය බව ඇය කියා සිටී.

යුරෝපයේද වර්ධන වේගය මන්දගාමී වීමක් අපේක්ෂා කළ හැකි බවත්, මැල්පාස් පෙන්වා දේ.

එසේම සංවර්ධනය වෙමින් පවත්නා රටවල ණයබර තවදුරටත් ඉහළ යන අතර පොලී අනුපාත ඉහළ යාමෙන් ඊට අමතර බරක් එක්විය හැකි බවද එහිදී තවදුරටත් අනතුරු ඇඟවිණ.

උද්ධමනය පාලනය කිරීම අභියෝගයකි.

මෙම තත්ත්වයන්හි වැඩිම බලපෑමක් ඇති වන්නේ දුප්පත් රටවලට බවද ලෝක බැංකුවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලබන 16 වැනිදා දක්වා වොෂින්ටනයේ දී පැවැත්වෙන මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version