මුල් පිටුව උණුසුම් පුවත් කුඩුකාරයෙක් පිහියෙන් අනින්න පනී – අහසට වෙඩිතබා පොලීසිය බේරෙයි

කුඩුකාරයෙක් පිහියෙන් අනින්න පනී – අහසට වෙඩිතබා පොලීසිය බේරෙයි

0

නාරාහේන්පිට නාවල පාරේ පිච්ච මල් වත්තේ පිහිටි පාලු නිවස කාමරයක් තුළ හෙරොයින් පානය කරමින් සිටි මත්ලෝලියෙක් අත්අඩංගුවට ගැනීමට ඊයේ ගිය නාරාහේන්පිට පොලීසියේ නිලධාරීන් පිරිසකට එම මත්කුඩු ලෝලියා පිහියකින් ඇන පළායාමට තැත්කර තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් එම සැකකරුව මෙල්ලකර ගැනීමට දැඩි උත්සහයක නිරතව වී ඇත. එහිදී පොලිස් නිලධාරීන් සිය ආරක්ෂාවට ඔවුන් අත වූ ටී 56 අවියෙන් අහසට වෙඩිල්ලක් තබා තිබේ.

එහිදී සැකකරු පළාගොස් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැැනීමට විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version