මුල් පිටුව special ගෝලීය තෙල් සැපයුම සීමා වෙයි – තෙල් මිලත් ඉහළ යන ලකුණු

ගෝලීය තෙල් සැපයුම සීමා වෙයි – තෙල් මිලත් ඉහළ යන ලකුණු

0

ගෝලීය ආර්ථික සහ බලශක්ති අර්බුදය තිවෘර කරමින් ඔපෙක් සංවිධානයේ සාමජික රටවල් සහ අනෙකුත් ප්‍රධාන පළේ තෙල් නිෂ්පාදන අනෙකුත් රටවල් එක්ව 2020 පසු සිදු කළ විශාලත තෙල් සැපයුම කපා හැරීම සිදු කිරීමට අද (06) දින තීරණය කර තිබේ.

ඒ් අනුව ලොව විශාලතම තෙල් සැපයීම් කරනු ලබන මෙම රටවල් විසින් දෛනික තෙල් සැපයීමී බොරතෙල් බැරල් ලක්ෂ විස්සකින් කපා හැරීමට තීරණය කර ඇත. එ මගින් ගෝලීය තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට හැකියවක් පවතින බවද වෙළෙඳ විශ්ලේෂකයින් පෙන්වා දෙයි

මෙම ගෝලීය තෙල් සැපයීම කපා හැරීම තීරණය කිරීමත් සමඟ ගෝලීය බලශක්ති අර්බුදයක් මෙන්ම ගෝලීය ආර්ථිකයටද එය ඉතා අහිතකර ලෙස බලපෑමට ඉඩ පවතින බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය සහ සෞදි ආරබිය අතර දැඩි විරසකයක්ද නිර්මාණය වී ඇත. ඊට හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සෞදියේ ඔටුන්න හිමි කුමාරයාගෙන් තෙල් සැපයීම වැඩි කරන ලෙසට කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම නොසලා හැරීමත් සමඟයි.

ඒ් අනුව මෙම තීරණය සම්බන්ධයෙන් ධවල මන්දිරය යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවටද අනාවරණය වේ. ඒමෙන්ම මෙමගින් එක්සත් ජනපදයේ ඉන්ධන මිලද ඉහළ යාමට හැකියාව පවතින අතර එය ඉදිරියේදී එක්සත් ජනපදයේ පැවැත්වෙන මැතිවරණයටද බලපෑමට හැකියාව පවතී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version