මුල් පිටුව උණුසුම් පුවත් හොරපාරෙන් ගෙනා හමර් රථය රේගු වෙන්දේසියේදී ආනයනකරුටම අඩු ගානකට දීලා

හොරපාරෙන් ගෙනා හමර් රථය රේගු වෙන්දේසියේදී ආනයනකරුටම අඩු ගානකට දීලා

0

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී ටෙන්ඩර් පටිපාටි පවා උල්ලංඝනයකරමින් එය ආනයනය කළ පුද්ගලයාටම අඩු මිලකට ලබාදීමක් ගැන මුදල් අමාත්‍යාංශයේ විශේෂ අවධානයකට යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වහාම තමාට වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම හමර් වාහනය තවත් සුඛෝපභෝගී වාහන තුනක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වැනි දා ශ්‍රී ලංකාවට ආයනයක කර තිබුණි.

පසුව ඒවා රාජ සන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා තිබේ. එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථය වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ වන විට බරපතල ගැටළුවක් පැන නැගී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණකි.

Photo – File photo

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version