මුල් පිටුව උණුසුම් පුවත් අනියම් ඇසුරට අකමැති වූ ඇගළුම් සේවිකාව පිහියෙන් ඇන මරා දමලා

අනියම් ඇසුරට අකමැති වූ ඇගළුම් සේවිකාව පිහියෙන් ඇන මරා දමලා

0

අනියම් ප්‍රේම සම්බන්ධයකට කළ ආරාධනාවක් ප්‍රතික්ෂේප කළ 37 වියැති ඇගළුම් සේවිකාවකට පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරුවෙකුව අත්තනගල්ල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

එම ඇගුළුම් සේවිකාව සේවය නිමවී ඉකුත් 21 වෙනිදා සවස සිය මව සමඟ නිවසට ගමන්කරමින් සිටියදී මඟ රැක සිටි 45 වියැති පුද්ගලයෙක් ඇයටත් ඇගේ මවටත් පිහියෙන් ඇන ඇති බවත් රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ රජිතා ශාමලී පුෂ්පකුමාරි නැමැති වේයන්ගොඩ අලවල , පනාකන්දේ පදිංචිකාරියකි. ඇය දෙදරු මවක් බව පොලීසිය කියයි.

ඇයට පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරුද වේයන්ගොඩ අලවල පදිංචිකරුවෙකි. ඔහු අවිවාහක අයෙක් බව පොලීසිය කියයි. කාලයක් තිස්සේ ඔහු ඇය පසු පසින් පැමිණ අනියම් සම්බන්ධයක් ගොඩනගා ගැනීමට උත්සහා දරා ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

ඇයට පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පළාගොස් සැඟව සිටි බවත් ඔහුව ඊයේ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version